ඔබේ දිස්ත්‍රික්කය තෝරන්න
භාෂාව තෝරන්න
logo

ප්‍රචාර.lk වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු!

ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබට නවතම දැන්වීම් වෙබ් අඩවියක් හඳුන්වාදීමට අදහස් කළෙමු. වෙබ් දැන්වීම් ක්‍ෂේත්‍රයේ නවතම ආයතනයක් වන ප්‍රචාර නෙට්වර්ක්,  මව් ආයතනය වන ශ්‍රී ලක් එන්ටර්ප්‍රයිස් සමඟ එක්ව  ඉතාම උසස් ආකාරයෙන් ඔබගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා බැඳී සිටි. අපගේ වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ නොමිලේ දැන්වීම් ප්‍රචාරයට ඔබට ඉඩකඩ ලබාදීමයි. ඊට අමතරව ව්‍යාපාරික ප්‍රජාවට සහ සාමාන්‍ය ජනතාවට සුළු මුදලක් ගෙවා දැන්වීම් පළ කිරීමටත් , පළකල  දැන්වීම් වලට ආකර්ශනීය උපාංග ඇතුලත් කර තම දැන්වීම ප්‍රමුඛ කොට පෙන්වීමටත්  අවකාශ ලබා දීමයි. ඔබට  මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවන් පහත විස්තර කර ඇත.

දිවයින පුරා අපගේ ප්‍රචාරක නිලධාරීන් කරමින් පවතින ඇති අතර ඔවුන් හරහා ද ඔබේ දැන්වීම පිළිබඳ  උපදෙස් ලබාගත හැකිය. සියලුම දැන්වීම් සඳහා මුදල් ගෙවිය යුත්තේ අනුරාධපුරයසම්පත් බැංකුවේ ප්‍රචාර නෙට්වර්ක් යන නමින් ඇති ගිණුම් අංක  002110011310 වෙත පමණි. වෙන කිසිදු ලෙසකින් ගෙවන මුදල් පිලිබඳ ව ප්‍රචාර නෙට්වර්ක්, හෝ මව් ආයතනය වන ශ්‍රී ලක් එන්ටර්ප්‍රයිස්  වගකියනු නොලැබේ. 

මුදල් ගෙවා පළකල හැකි දැන්වීම් වර්ග වර්ග 7ක් තිබේ.

1. විශේෂිත රන්මුද්‍රාව සහිත දැන්වීම් (TAGGED ADVERTISEMENTS)

ඔබ විසින් පළ කරන ලද දැන්වීමට විශේෂ රන්මුද්‍රාවක් තැබීම මගින් අනෙකුත්  දැන්වීම් අතර කැපී පෙනෙන සහ ඔබේ දැන්වීමේ විශේෂත්වයක් ඇති බව පෙන්වීමට මෙමගින් හැකි වේ. පහත රූපය බැලීමෙන් ඔබට මෙය තේරුම් යනු ඇත.

 රන්මුද්‍රාව

 

 

රන්මුද්‍රාව ඔබේ නොමිලේ පළ කල දැන්වීමට දින 14 ක කාලයක් සඳහා එකතු කිරීම සදහා රු 200/= ගෙවියයුතු වේ. වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.

2. ක්ෂණික දර්ශනය වෙන දැන්වීම් ( QUICK VIEW FEATURE )

ඔබ විසින් පළකරන ලද දැන්වීමට මෙම උපාංගය එකතු කිරීමෙන් පාඨකයා කර්සරය දැන්වීම මත තැබූ පමණින් දැන්වීම වෙනත් තිරයක් මත දර්ශනය වේ. මෙමගින් ඔබේ දැන්වීම ක්ෂණිකව පාඨකයාට ආකර්ශනීය ක්‍රමයකට පෙන්වීමක් සිදු කරේ. පහත රූපය බැලීමෙන් ඔබට මෙය තේරුම් යනු ඇත.මෙම උපාංගය ඔබේ නොමිලේ පළ කල දැන්වීමට දින 14 ක කාලයක් සඳහා එකතු කිරීම සදහා රු 200/= ගෙවියයුතු වේ. වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න

 

 

3. දිනපතාම මුලට එන දැන්වීම් (ROLLING CLASSIFIEDS)

ඔබ විසින් පළකරන ලද දැන්වීමට මෙම උපාංගය එකතු කිරීමෙන් දැන්වීම සැම පැය 24කටම වරක් අදාළ කාණ්ඩයේ පළමුවන දැන්වීම බවට පත්වේ. මෙමගින් ඔබේ දැන්වීම දිනපතාම අලුත් දැන්වීමක් ලෙස දර්ශනය වෙනු ඇත. මුලට එන දැන්වීම් උපාංගය ඔබගේ දැන්වීමට දින 14 ක කාලයක් සඳහා එකතු කිරීම සදහා රු 300/= ගෙවියයුතු වේ. වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.

4. විශේෂිත දැන්වීම් (FEATURED LISTING ADS)

ඔබ විසින් පළකරන ලද දැන්වීමට මෙම උපාංගය එකතු කිරීමෙන් ඔබගේ දැන්වීම වෙබ් අඩවියේ මුල් පිටුවේ ඉහලින්ම පළවනු ඇත. එම දැන්වීම් 10ක් පමණක් වරකට භාරගන්නා අතර එම දැන්වීම් දකුණු පස සිට වමට ගමන් කරන දැන්වීම් විශේෂයකි. විශේෂිත දැන්වීම් දින 14 ක කාලයක් පළකිරීම සදහා රු 300/= ගෙවියයුතු වේ. වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.

5. අනුග්‍රාහක දැන්වීම් (SPONSORED ADVERTISEMENTS)

මෙම උපාංගය එකතු කිරීම මගින් ඔබේ දැන්වීම අදාළ කාණ්ඩයේ පළමු දැන්වීම් 5 අතරට පැමිණේ. ඊට අමතරව එම දැන්වීම මුල් පිටුවේද පළවනු ඇත. තවත් විශේෂයක් වන්නේ එම දැන්වීම ඔබගේ ව්‍යාපාරික හෝ වෙනත් අවශ්‍ය වන වෙබ් අඩවියකට සම්බන්ධ කිරීමට හැකියාවක් තිබීමයි. පාඨකයා දැන්වීම ක්ලික් කල විට වෙනම තිරයක අවශ්‍ය වෙබ් අඩවිය දිස් වනු ඇත. පහත රූපය බැලීමෙන් ඔබට මෙය තේරුම් යනු ඇත. අනුග්‍රාහක දැන්වීම් දින 14 ක කාලයක් පළකිරීම සදහා රු 500/= ගෙවියයුතු වේ. වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.

 

 

 

6. ව්‍යාපාරික දැන්වීම් (BUSINESS ADS)

අපගේ වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම් 3 ක් දක්වා පළකිරීම සදහා සාමාන්‍ය  ජනතාවට අවස්ථාව ලබා දී  තිබේ. දැන්වීම් 3කට වඩා පළකරනු ලබන ව්‍යාපාරික ආයතන සදහා සුළු මුදලක් ගෙවීමෙන් අවශ්‍ය තරම් දැන්වීම් ප්‍රමාණයක් පළ කර ගත හැත. ව්‍යාපාරිකයනට සහ වෙනත් දැන්විම්කරුවනට දැන්වීම් ගණනාවක්, විවිධ උපාංගද සහිතව පළකිරීමට අවශ්‍ය අවස්ථාවකදී උපාංග සඳහා  50% ක වට්ටමක් ලබාදෙන අතර අපගේ ප්‍රධාන කළමනාකරු හෝ ප්‍රචාරක නිලධාරියෙකු සමඟ ගෙවියයුතු මුදල සාකච්ජා කරන්න. ව්‍යාපාරික දැන්වීම් දින 14 ක කාලයක් පළකිරීම සදහා දැන්වීමකට රු 300/= බැගින් ගෙවියයුතු වේ. වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.

7. බැනර් දැන්වීම් (BANNERS)

සම චතුරශ්‍රාකාර සෙ. මි. 3 x සෙ. මි. 3 ප්‍රමාණයේ බැනර් දැන්වීම් මුල් පිටුවේ හෝ විවිධ කාණ්ඩ යටතේ පළ කිරීමට හැකිය. මුල්පිටුවේ දෙපැත්තේ මෙම දැන්වීම් පළකරැති අයුරු ඔබට පහත රූපයේ දැක ගත හැකිය. ඔබට අවශ්‍යනම් එම බැනර් දැන්වීම් ශ්‍රී ලංකාවටම පෙනෙන පරිදි හෝ අවශ්‍ය දිස්ත්‍රික්කයකට පමණක් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කල හැකිය. නැතහොත් යම් කාණ්ඩයකට පමණක් සීමා වෙන පරිදි පළ කල හැකිය. උදාහරණ ලෙස, අනුරාධපුරයේ ඇති ඔබේ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයේ පවතින විශේෂ සේල් එකක් පිළිබඳව ශ්‍රී ලංකාවට ම පෙන්වීමට වඩා අනුරාධපුරය තෝරන පාඨකයනට දකින්නට සැලැස්වීම වඩා උචිතය.  ඔබේ කොළඹ ඇති වාහන සේල්  ආයතනය පිළිබඳව වාහන ගැන සොයන ඕනෑම කෙනෙකුට දර්ශනය වන පරිදි බැනර් දැන්වීම වාහන පිටුවේ දකින්නට සැලැස්වීම වඩා උචිතය. 

HOME PAGE මුල් පිටුව - Side banners  300x 300 px රු: 3000.00
HOME PAGE මුල් පිටුව - Side banners 300x 150 px රු: 2000.00
CATEGORY PAGES විවිධ කාණ්ඩ - Side Banner 300x 300 px රු: 2000.00
CATEGORY PAGES විවිධ කාණ්ඩ - Side Banner 300x 150 px රු: 1000.00

 

ෆේස් බුක් ප්‍රොමෝෂන් 

ඔබ විසින් මුදල් ගෙවා පළ කරන ඕනෑම දැන්වීමක්, අවශ්‍ය නම්, අපගේ පේස් බුක් පිටුව හරහා ඉතා අධික පාඨකයන් සංඛ්‍යාවකට ප්‍රදර්ශනය කළ හැකිය. ඒමගින්  ප්‍රදර්ශනය කිරීමට පොරොන්දුවන අවම වාර සංඛ්‍යාව 15000කි. මේ සඳහා අමතර රු.1000 ක් පමණක් අය කරනු ලැබේ. ඔබේ බැනර් දැන්වීමට අදාළ මුදලට වඩා රුපියල් 1000 ක් ගෙවීමෙන් ඔබ වැඩිපුර ගෙවා ඇත්තේ ෆේස් බුක් ප්‍රොමෝෂන් සඳහා බව අපි තේරුම් ගන්නෙමු.

වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න.